22 Aug 2026, 14:51 UTC179 views18 reactionsread 24 August 2026 Photo
වැව තාම නිදි නැතිව
කල්පනා කරනවැති
අපි දෙදෙන කොයි කියා..
හිතනවැති ඉක්මනින්
එයි කියා..
ඒ සිනා ඇහෙනවැති
සිහිනෙනුත් මැවෙනවැති
දෑ පැටලි යන විදිහ
මාවතේ අඩි තියා..
ඉක්මනින් තව රහස්
පුරවන්න සෙනෙහසින්
එමි හෙටත් ඈ එක්ක
නුඹ කරා..
මිතුර,
රැකගන්න ඒ රහස්
දිවි තුරා..
❤18
28 Jul 2026, 08:41 UTC740 views27 reactionsread 24 August 2026 Photo
වැව් දිය සුළං ගත වෙලනා වෙලාවට
තුරුලුව හාදු විඳිමින් හද පුරාවට
නුඹ ලඟ නැළවෙමින් හිනැහෙන ලතාවට
සැනසෙමි හදෙහි සෝ සංකා නිමාවට
පපුවට කරන් සුවඳම හද පුරාවෙම
නුඹගෙන් තොරව මට නැතිවෙයි හිනාවම
කියනෙමි මියෙන තුරු නොව ඉන් එහාවම
ඉපදෙමි නුඹ නමට සසරේ පුරාවෙම
♥️🥺
❤26❤🔥1
25 Jul 2026, 13:02 UTC758 views37 reactionsread 24 August 2026 Photo
හඳ එක්ක තනි රකින
නුඹ අහසෙ තරුවක්ද..?
හිත අස්ස කිතිකවන
සුමුදු මුදු පවනක්ද..?
හැම දේම සුවකරන
එකම එක බෙහෙතක්ද..?
මන් දන්නෙ එක දෙයයි,
නුඹ නැතිව මං හොඳින්
ඒක මොන බොරුවක්ද.!
✨🍃
❤37
18 Jul 2026, 01:36 UTC908 views37 reactionsread 24 August 2026 Photo
ඔයා දෙන ඕනෙම දෙයක් පරිස්සමින් අරන් තියන එක පුරුද්දක් වෙලා!
මොකද මං ඔයාව හදවතේ අරන් තියල තියෙන්නෙත් හරි පරිස්සමට"
✨🤍
❤37
9 Jul 2026, 13:27 UTC≈1,060 views45 reactionsread 24 August 2026 Photo
ඔහු කෙදින හෝ මා රිදවා නැත!
රිදුනු සිත සුවපත් කළා පමණි!"
ඔහු මට මලක් වන්න යැයි කීවේද නැත!
ඔහු ඉදිරියේ මලක් වී පිපෙන්නට ඉඩ හැරියා පමණි!
නවකතා හෝ චරිත කතා වල පිරිමි මෙලොව ඇත්තෙන් ම ඉන්නවාදැයි මා නොසොයමි!
නමුත් ඉන්නවා යැයි කියමි!
මන්ද, මා ඔහුව ස්නේහයෙන් හඳුනමි!"
#සමහර දේවල් ලැබෙන්නත් පින් කරල තියෙන්න ඕන!🥹🤍✨
❤43💔2
8 Jul 2026, 18:46 UTC843 views34 reactionsread 24 August 2026 එක කාලෙකදි ජීවිතේට ආව කෙනෙක්ට ඔයා මෙහෙම කියලා ඇති.
"අපරාදෙ ඇයි මට ඔයාව මීට කලින් හම්බුනේ නැත්තේ. ! "
වැරදි අයව ජීවිතේට ලං කරගෙන අපි කොච්චර කාලෙ නාස්ති කරගන්න ඇතිද.'
නෑ..
මේ හැමදේම විශ්වයේ සැලැස්මක්.
හරිම කෙනා හරිම කාලෙදි මුණගැහෙනවා.
ඒත් ඊට කලින්, අපිව ඒ තැනට හදන්න විශ්වය අපිට වැරදි මිනිස්සු මුණගස්වනවා.
ඒ හැම කෙනෙක්ම අපිට දෙයක් උගන්නනවා.
බලන්න,
වැරදි මිනිස්සු ජීවිතේට ආවෙ නැත්තන් කොහොමද ඔයා හොඳ මිනිස්සු අඳුරගන්නෙ…
❤33🥰1
23 Jun 2026, 12:12 UTC≈1,100 views34 reactionsread 24 August 2026 "දෙයක් තියනව පෙන්නන්න!"
හුරු පුරුදු ගල් බංකුව උඩ උරහිසට හේත්තු වෙලා හිටපු වෙලාවෙ හිනාවෙවී සාක්කුව අදින ඔයා දිහා මං බලාගෙන හිටියා...
"මොකද්ද!"
බෝල ඇස් තවත් බෝල කරල ,,හීනි ඇස් වලින් අහද්දි ඔයා මගේ ඔඩොක්කුව උඩින් පර්ස් එක අරන් තිබ්බා...
"ආ! බලන්න"
ප්‍රශ්නාර්තයක් එක්කම හිමීට ඒක ඇරල බැලුවෙ "මේක ඇතුලෙ මොකද්ද තියන පුදුමෙ"කියල හිතන ගමන්...
ගල් බංකුව උඩ ඉඳගත්තම හිතුවක්කාර හුලඟ අපිත් එක්ක නිතරම වගේ සෙල්ලම් කරනවා...ඉර උනත් ස…
❤33🥰1
21 Jun 2026, 10:57 UTC≈1,040 views35 reactionsread 24 August 2026 Photo
ආදරේ කරන එක ලස්සනයි!
හැබැයි ආදරේ විඳින එක ඊට වඩා ලස්සනයි!
ඒත්~
ආදරේ කරන ගමන් ආදරේ විඳින එක ඒ හැමදේටම වඩා ලස්සනයි!❤️
❤34❤🔥1
16 Jun 2026, 16:26 UTC≈1,170 views45 reactionsread 24 August 2026 සත්පෙති මල අතට අරන්
යනකොට මම ගුරු පාරෙන්
මල් පෙත්තක් අතට අරන්
පාර්තනා දෙකක් දරන්
මම නුඹෙමයි නුබ මගෙමයි
අපි අපෙමයි හිතින් මවන්
.
.
.
.
මල් පෙත්තේ මල් පෙත්තේ මේ මල අරගෙන
මේ ගුරු පාරේ කෙලවර ඇයව මවනවද?
-Hathpethi Mala-
❤43❤🔥2
13 Jun 2026, 19:36 UTC≈1,250 views37 reactionsread 24 August 2026 Photo
ඇය නැති පැයත්
කල්පයකි මා දන්න,
පැතුවේම අපි මැරෙනකන්
එකට ඉන්න,
එත්..,
පුලුවන්ද එක දෙයක්
ඇගෙන් හංගන්න,
අනේ දෙවියනි,
ඈට කලියෙන් මාව ගන්න..
NobodyKnows 🌵
❤34❤🔥2🥰1
13 Jun 2026, 07:28 UTC≈1,070 views30 reactionsread 24 August 2026 Photo
"ජීවිතේ අපි හිතන පාරවල් වලම යන්නේ නැති වුණත්, නොහිතන මොහොතක කවුරුහරි කෙනෙක් ළඟ ජීවිතේට අලුත් තේරුමක් ලැබෙනවා. ඒ අහම්බය මඟහරින්න එපා... මොකද ආදරය කියන්නේ ඒ වගේ නොහිතන වෙලාවක ලියවෙන ලස්සන කතාවක්."
-A Room with a View-
❤29❤🔥1
10 Jun 2026, 09:10 UTC≈1,000 views33 reactionsread 24 August 2026 Photo
නළල් තල කම්මුළට
කම්මුළෙන් තොල් වලට
හිමි හෙමින් සිප ගන්න
වැව් දියේ සුළඟ නුඹ!
හීනි ඇස් දල්වාන
සෙනෙබර හද මඬල
මා සිනහ උපදවන
හිරු ගෙනෙන කිරණ නුඹ!
සුවඳවත් පුෂ්පයක
නැති ඊට එහා සුව
සුවඳ විහිදුවාලන
රොන්සරේ සුවඳ නුඹ!
හදවතේ සියුම් තැන
ස්නේහයෙන් පණ පොවන
පිනි ඉහන් පොළෝ තල
තෙත් කරන වැස්ස නුඹ!
🤍✨
❤26🥰5❤🔥2
Showing the 12 most recent of 20 posts we hold for @NobodyKnowsO_o. View and reaction counts are the latest single reading for each post, not a live figure, and a recent post is still accumulating both. A view count marked ≈ was rounded by Telegram before we ever saw it — t.me prints views in full below 1,000 and to three significant figures above, so ≈1,200,000 means somewhere between 1,150,000 and 1,249,999. Unmarked counts are exact. Text is reproduced from the public post preview and truncated for length.